"සතුටුද මගේ මැණිකේට...?"


"සතුටු නැති වෙන්න හේතුවක් නෑනේ දූලගේ අප්පච්චි. හැම ගෑනියෙක්ගේම පපු කැනත්තේ තියෙන්නේ මෙන්න මේ වගේ ගුලි ගැහිච්ච අහිංසක ආසාවල්..."


දුකට සතුටට කොයි වෙලෙත් කඳුළු පිනුම් සුදානමෙනි. උණුසුම් බරැති කඳුළු මෙවෙලෙත් පබාගේ ඇස් අස්සේ තරඟයකය. එයා මද්දුන්ගේ ඇස්වලින් වහං කරන්නට  නම් පබා අසමත්ය. හැමදාමත් පබා තනියම හීල්ලුවේ අද වගේ දවසක් විදින්නය. එය හැබෑවක් වන්නට ටිකක් කල් ගත වුණත් ඊට විස්සෝප වී පලක් නැත. 


"ගොඩනැගිල්ලක් ගෙයක් වෙන්න ගෑනියෙක් ඌන වගේම තමයි පබා මිනිහෙක්ගේ ජීවිතේ පිළිවෙල වෙන්නත් ගෑනියෙක් ඕනමයි. හරි ඉක්මනට පායලා ඇඟිල්ල දික්කරන කොට මැකිලා යන ගෑනුන්ට වඩා...මිනිහෙකුට ඕන ඉරක් වගේ ගෑනියෙක්... හරියට මට ඔයා ලැබුණා වගේ..."


පබාට එතනින් එහාට සම්මාන අවැසි නැත. හොඳටෝම ඇතිය. ටකරන්වලින් වැසූ පල දෙකේ පුංචි නිවාස පබාට නම් මාලිගාවකට වඩා වටින්නේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha